ජනපති - මන්ත්‍රී විශ්‍රාම වැටුප් යෝජනාව ගැන අනාවරණයක්

ජනපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශ්‍රාම වැටුපක් ලැබීමට වසර දහයක් සේවය කළ බවට වූ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ආණ්ඩු පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් බවත් තමා ඒ මන්ත්‍රීවරුන්ට ගරු කරන බවත් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
කොළඹදී ඊයේ(13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට හතළිහක්ම සිටින්නේ තරුණ මන්ත්‍රීවරුන් බවද ඔහු පැවසුවේය.
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නව පනතකින් සකස් කළ යුතු බවත් ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ද සහාය ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වන බවත් මුදල් ඇමතිවරයා කියා සිටියේය.
848 Views
Comments