NOV
07
තවත් කොරෝනා මරණ 20ක් වාර්තාවෙයි

කොවිඩ් ආසාදිත සිටි රෝගීන් 20 දෙනකු පෙරේදා(05) ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ(6) තහවුරු කළේය.
ඒත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,841ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය පුද්ගලයින්ගෙන් 14 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි අය වන අතර අවුරුදු 30 - 59 අතර 06 දෙනෙක්ද ඒ අතර වෙති.
එසේම පිරිමි අය 10 දෙනකු සහ කාන්තාවන් 10 දෙනකුද මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ සඳහන්වේ.
709 Views
Comments