නිවැසියන් කොවිඩ් සෑදී රෝහල්ගතව සිටින අතරතුර නරුම අසල්වැසියෙක් බලු පැටවු දෙදෙනා මරා වලදාලා

නිවැසියන් කොවිඩ් වැලදී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණු අතරවාරයේ නිවසේ බලු කූඩුව කඩා එහි සිටි බලු පැටවුන් දෙදෙනා මරා වළ දමා ඇති අවාසනාවන්ත පුවතක් අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අසල්වැසියෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව දෙයියන්දර මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.
මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ අතපත්තුකන්ද කොතේහේන මාහික්කගේ සුමනදාස නම් පුද්ගලයෙකි.
තමන් රෝහල්ගතව සිටින අතරවාරයේ තම සුනඛයින් දෙදෙනා මරා දමා ඇති බවට නිවැසියන් කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදී මෙලෙස සැකකරුගේ නිවසේ ඉඩමක් තුළ ගෝනියක බහා වල දමා තිබූ සුනඛයින් දෙදෙනාගේ මළ සිරුරු හමු වී තිබෙනවා.
464 Views
Comments