අද රැ ගුවන්තොටුඵල වහනවද..? පැතිරයන කතාවේ ඇත්ත නැත්ත
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

අද රැ ගුවන්තොටුඵල වහනවද..? පැතිරයන කතාවේ ඇත්ත නැත්ත

අද රැ ගුවන්තොටුඵල වහනවද..? පැතිරයන කතාවේ ඇත්ත නැත්ත

දකුණු අප්‍රිකාවෙන් හදුනාගෙන ඇති නව විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් වාර්තා වී ඇති රටවල සිටින පුද්ගලයින්ට මෙරටට පැමිණීම අද සිට තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා.

 

ඒ අනුව විදේශිකයින්ට මෙන්ම අදාල රටවල සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන්ටද මෙරටට පැමිණීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කිරීමටයි තීරණය කර ඇත්තේ.

 

දකුණු අප්‍රිකාව, ඇංගෝලාව, බොට්ස්වානා, මොසැම්බික්, ලෙසතෝ, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, සහ නැම්බියා යන රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙම තහනම ක්‍රියාත්මක වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කලේ.

 

එම රටවල්වල සිට යම් අයෙකු මේ වන විටත්  ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පිටත්ව ඇත්නම් එලෙස පැමිණෙන පිරිස් නිරෝධායනයට යොමු කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

views

718 Views

Comments

arrow-up