චම්පිකගෙන් අනුරට අභියෝගයක් - අභියෝගය භාර ගනීද?
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

චම්පිකගෙන් අනුරට අභියෝගයක් - අභියෝගය භාර ගනීද?

චම්පිකගෙන් අනුරට අභියෝගයක් - අභියෝගය භාර ගනීද?

තමා අමාත්‍යධුරය දැරූ කාලයේ සිදු වූ ක්‍රියාවන් පිළිබඳව යම් කිසි චෝදනාවක්, ගැටලුවක් හෝ සැකයක් පවතී නම් ඒ පිළිබඳ ව තමා සමග මුහුණට මුහුණ සංවාදයකට එන ලෙස පාඨලී චම්පික රණවක මහතා අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කර තිබෙනවා.

 

වෝටර්ස් එජ් ආයතනයේ ඕකිඩ් උද්‍යානයක් පිළිබඳව තමන් අමාත්‍ය ධූරය දරන කාලය හඳුන්වා දුන් දුම් පරීක්ෂාව හරහා තමාට කොමිස් මුදල් ලැබුණු බවට ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන චෝදනා මෙහිදී පාඨලී චම්පික අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා .

 

මෙවැනි අසත්‍ය පුවත් මැවීම ප්‍රගතිශීලී බලවේග අතර ගැටුම් ඇතිවීමට හේතුවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

 

මීට පෙරද ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති, ගලබොඩඅත්තේ ඥාණසාර හිමි වැනි බොහෝ පිරිස් සංවාද සඳහා ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කර තිබුණ ද ඔවුන් ඒ සඳහා ප්‍රතිචාර දක්වා නොමැත.

views

996 Views

Comments

arrow-up