බෝංචි කිලෝව 140, බණ්ඩක්කා 110, වැටකොළු 100 - දඹුල්ලේ එළවළු තොග මිල තවත් පහළට

සති තුනකට පසු එළවළු තොග මිල සියයට හතළිහකින් පහළ ගොස් තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ(26) ලැබුණ එළවළු ගණනාවක තොග මිල පහළ ගොස් ඇති බවත්, තොග ගැණුම්කරුවන්ගේ පැමිණීම පහළ යෑම ඊට බලපා ඇති බවත් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී ඒකනායක මහතා සඳහන් කළේය.
දඹුල්ල තොග වෙළඳ මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්‍ෂ 4 1/2ක් පමණ ලැබුණ බවත්, තිස්පනේ, නාවලපිටිය ප්‍රදේශවලින් මාළු මිරිස් තොග සහ පුත්තලම කලාපයෙන් ලූනු ගස්, අමු මිරිස්, ගෝවා, කට් බීට් තොග නොලැබුණ බව පැවසූ සභාපතිවරයා මෙම ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් වගා හානියට පත්වීම නිසා එළවළු තොග පහළ යෑමට බලපා තිබෙන බව පැවැසීය.
පසුගිය දින කිහිපය තුළ එළවළු ගණනාවක මිල ඉහළ ගිය අතර රුපියල් 330ක තොග මිල තිබුණ බෝංචි කිලෝවක් ඊයේ 140 දක්වා පහළ ගිය බව පැවසීය. රුපියල් 220ට අලෙවි වූ බණ්ඩක්කා කිලෝවක් 110 දක්වාත්, 240ට අලෙවි වූ වැටකොළු කිලෝව 100 දක්වාත් පහළ ගොස් ඇත.
රුපියල් 130ත් 160ත් අතර මිලකට අලෙවි වූ අමු මිරිස් කිලෝව රුපියල් 350 දක්වා ඉහළ ගිය බවත්, රුපියල් 550ට අලෙවි වූ තක්කාලි කිලෝවක මිල වෙනස් නොවූ බවත් සභාපතිවරයා පැවැසීය.
කැප්පෙටිපොල සහ වැලිමඩ ප්‍රදේශවලින් බෝංචි තොග ලැබීම හේතුවෙන් මිල පහළ ගොස් තිබේ.
පහතරට එළවළු ගණනාවකද මිල පහළ ගිය අතර ගෝවා, කැකිරි, පිපිඤ්ඤාවල මිල වෙනස් වී නොමැත.
කෙසේ වුවත් වෙළෙඳපළට එළවළු තොග සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්වීමට මාස තුනක් පමණ ගතවනු ඇති බවද සභාපති ඒකනායක මහතා පැවැසීය.
893 Views
Comments