OCT
10
ලබන 21දා සිට අන්තර් පළාත් පොදු ප්‍රවාහනය වැඩ

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නෙ අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා ලබන 21 වනදා සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.
පළාත් අතර සංචරණ සීමා දීර්ඝ කිරීම හේතුවෙන් එම පියවර ගැනීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
මේ දක්වා පළාත් තුළ පමණක් බස්රථ ධාවනය සිදුවන අතර දුම්රිය ධාවනය පළාත් තුළ හෝ මෙතෙක් ආරම්භ කර නැහැ.
ඒ අනුව සංචරණ සීමා ඉවත් කිරිමෙන් පසු ලබන 21 වනදා සිට පළාත් අතර බස් සහ දුම්රිය සේවා ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේය.
737 Views
Comments