බස් විසිදාහක් අලුත්වැඩියා කරන්න ගැමුණු වන්දි ඉල්ලයි

මගී ප්‍රවාහන කටයුතුවල යෙදෙන පුද්ගලික බස් රථ 20,000 න් 15,000 ක්ම අර්ධ වශයෙන් අබලන් වී ඇති හෙයින් මෙම බස් රථ අලූත්වැඩියා කිරීමට බස් රථ හිමියන්ට වන්දි මුදලක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසා සිටියේය.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අගෝස්තු 20දා සිට අඛණ්ඩව නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබූ නිසා බස් රථ ධාවනය කිරීමට නොහැකිව ගෙවල්වල නවතා තිබූ බවත් ඒ නිසා මෙලෙස අබලන් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
“අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ අර්ධ වශයෙන් අබලන් තත්ත්වයට පත්ව තිබෙන බස් රථ ටික අලූත්වැඩියා කරගන්න වන්දි මුදලක් දෙන්න කියලා” යැයි ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
752 Views
Comments