“සීමාවන්ට යටත්ව පළමු වැනිදා රට විවෘත කරනවා” - සෞඛ්‍ය ඇමති

දැනට පනවා තිබෙන නිරෝධායන ඇදිරි නිතිය ඉවත් කර සිමාවන්ට යටත්ව ලබන මස 01 වැනිදා සිට රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා එම රෝහලේ නිරික්ෂණ චාරිකාවකට එක් විමෙන් අනතුරුව මාධ්‍යය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය.
කොවිඩ් මර්දන එන්නත ලබාදිම මේවන විට සාර්ථකව සිදු කරමින් පවතින බවත්, කොවිඩ් 19 වෛරසය මෙරට තුළ පැතිරීමේ අවධානම මේවන විට පාලනයවී ඇති බවට සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වන බවද පැවසුවේය.
රට විවෘත කිරිම සම්බන්ධව ඉදිරි දින කිහිපයතුළ විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත්, එම සාකච්ඡාවෙන් පසුව ගන්නා තිරණය මත සීමාවන් කිහිපයක් යටතේ රට යලි විවෘත කිරිමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
800 Views
Comments