ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 120,000ක් දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 120,000ක් දිවයිනට

ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 120,000ක් දිවයිනට

රුසියාවේ නිෂ්පාදය ස්පුට්නික් වී එන්නත් මාත්‍රා තොගයක් අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

 


මේ අනුව දෙවන මාත්‍රාව ලබා දීම සඳහා ස්පුට්නික් v එන්නත් මාත්‍රා 1,20,000ක් රැගත් ගුවන් යානයක් අද අලුයම මෙරටට පැමිණ තිබේ.

 


එම එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත, ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි මගින් ගෙන ගොස් ඇත.

 


මෙම එන්නත් මහනුවර ප්‍රදේශයේ ස්පුට්නික් V එන්නතේ දෙවෙනි මාත්‍රාව අවශ්‍ය පුද්ගලයන්ට ලබාදීමට නියමිතය.

views

807 Views

Comments

arrow-up