ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුවත් කිරීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං,රළු මුහුදු ප්‍රදේශ සහ මුහුදු රළ ඉහළ යාම පිළිබඳ අවධානම් නිවේදනයක් නිකුත් කර ඇත.
හෙට පෙ.ව 7.00 දක්වා වලංගු වන ආකාරයට මෙම නිවේදනය නිකුත් කොට ඇති අතර මන්නාරම සිට කොළඹ,ගාල්ල,හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුද සඳහායි.
මෙම ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70-90 අතර වේ.
මෙම නිසා මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගන්නා බව කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම නිසා ධීවර ප්‍රජාව,නාවික ගමන් ගන්න පිරිස්,වෙරළාසන්න පිරිස් මේ සම්බන්ධව ඉතා අවධානයෙන් සිටින ලෙස ඉල්ලා ඇත.
783 Views
Comments