OCT
03
අවිස්සාවේල්ල රථවාහන තදබදයට විසදුමක්

අධික රථවාහන තදබදය හේතුවෙන් අවිස්සාවේල්ල ආයෝජන කලාපයේ සිට වෙරළුපිටිය දක්වා නව පාලමක් ඉදිකිරීමට සංවර්ධන කමිටුවේදී තීරණය වී තිබෙනවා.
නාගරික සංවර්ධන අධිකාරියේ ක්‍රියාත්මක වන සියක් පුරවර වැඩසටහන යටතේ මෙම පාලම ඉදිකිරීම නියමිතයි.
අවිස්සාවේල්ල සංවර්ධන කමිටුවේ නියෝජ්‍ය සභාපති රවීන්ද්‍ර ජයසිංහ පැවසුවේ එහි ඉදිකිරීම් නොවැම්බර් මාසයේදී ආරම්භ කරන බවයි.
නව පාලම ඉදිකිරීම හරහා අවිස්සාවේල්ල නගරයේ පවතින අධික වාහන තදබදයට විසදුමක් ලැබෙන බවයි ඔහු සදහන් කළේ.
805 Views
Comments