තල්,රා,අරක්කු ප්‍රංශයට යවා ඩොලර් ගේන්න අරුන්දිකගෙන් සුපිරි සැලැස්මක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
03

තල්,රා,අරක්කු ප්‍රංශයට යවා ඩොලර් ගේන්න අරුන්දිකගෙන් සුපිරි සැලැස්මක්

තල්,රා,අරක්කු ප්‍රංශයට යවා ඩොලර් ගේන්න අරුන්දිකගෙන් සුපිරි සැලැස්මක්

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසන්නේ තමා ප්‍රංශයේ සිදුකළ සංචාරයේදී තල් ආශ්‍රිත නිෂ්පාදන වන තල් රා, තල් අරක්කු, තල් හකුරු ආදිය ප්‍රංශ වෙළඳපොල වෙත අපනයනය කිරීමට ගිවිසුමකට එළැඹි බවයි.

 

 

උතුරේ තල් සංවර්ධන අධිකාරිය හා සම්බන්ධවී මෙම ව්‍යාපෘතිය සිදු කිරීම අමාත්‍යවරයාගේ අදහසයි.

 

 

කොරෝනා ව්‍යවසනයත් සමඟ මෙරටට බලපා ඇති දැඩි ඩොලර් හිඟයකට ලක් වී අැති අවස්ථාවක  මෙලෙස වැවිලි කර්මාන්තය වැනි කර්මාන්ත හරහා විදේශ විනිමය ඉපයීමට අවධානය දී ඇති බවයි ඔහු පවසන්නේ.

views

811 Views

Comments

arrow-up