ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ජපාන සහාය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ජපාන සහාය

ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ජපාන සහාය

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ සහය ලැබෙන බවයි.

 

ඊයේ (23) දින ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමඩා මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් පැවැත්වුණු අතර එහිදී ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ජා කර තිබේ.

 

ඒ අනුව විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල අංශයේ යටිතල පහසුකම් සංවර්ධනයේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට එම සහය ලැබෙනු ඇති බව සඳහන් වේ.

 

 

ස්ථාපිත කිරීමට නියමිත ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයට ද ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ සහය සහ අරමුදල් ලැබෙනු ඇති බව සඳහන් වේ.

 

ඉදිරි මාස 12 තුළ ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිසංස්කරණ සංක්‍රාන්ති සැලැස්ම ක්‍රියාත්මක කිරීම ලේකම් කාර්යාලයට පවරා ඇති බවද වාර්තා වේ.

views

184 Views

Comments

arrow-up