හොරණදී සිදු කළ හදිසි පරීක්ෂාවකින් ආපනශාලා හිමියන් 12 කට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

හොරණදී සිදු කළ හදිසි පරීක්ෂාවකින් ආපනශාලා හිමියන් 12 කට වැඩ වරදී

හොරණදී සිදු කළ හදිසි පරීක්ෂාවකින් ආපනශාලා හිමියන් 12 කට වැඩ වරදී

ආහාර සැකසුම් ආයතන සම්බන්ධයෙන් සිදු කළ හදිසි වැටලීමකදී හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ වෙළඳසැල් හිමියන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇත.

 

 

එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් පාරිභෝගිකයාට ගුණාත්මක ආහාර පාන ලබා දීමට මග පෙන්වීමක් ලෙස මෙම හදිසි වැටලීම සිදු කළ බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කර තිබේ.

 

 

එහිදී හොරණ ප්‍රධාන නගරය ඇතුළුව මහජන සෞඛ්‍ය පරීක්ෂක බල ප්‍රදේශ 11 ක ආහාරපාන අලෙවි සැල් 100 කට ආසන්න ප්‍රමාණයක් හදිසි පරීක්ෂාවට ලක්කර ඇති බව වාර්තා වේ.

views

187 Views

Comments

arrow-up