අවුරුද්දට ගමට යන ජනතාවට යන්න ලැබෙයි ද?
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

අවුරුද්දට ගමට යන ජනතාවට යන්න ලැබෙයි ද?

අවුරුද්දට ගමට යන ජනතාවට යන්න ලැබෙයි ද?

උත්සව සමය සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නිසි පරිදි සැපයීමට කටයුතු යොදා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කොට සිටින අතර, උත්සව සමයේදී විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම ගැටළුකාරී තත්ත්වයක් වී ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

මේ වන විට පවතින දුම්රිය රියදුරන්ගේ හිඟය සහ සේවයේ නිරත රියදුරන් සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ඉල්ලා සිටීම වැනි කරුණු හේතුවෙන් අලුත් අවුරුදු සමයේ දුම්රිය ධාවනය බිඳවැටීමේ අවදානමක් පවතින බව දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකුගේ මතය වී තිබෙන බව වාර්තා වේ.

 

මේ අතර, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ බස්රථ සේවය අප්‍රේල් මස 07 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බවද ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා ප්‍රකාශ කොට තිබේ.
 

views

259 Views

Comments

arrow-up