නාවලපිටියේ විදුලි බලාගාර ව්‍යාපෘතියක් හේතුවෙන් ගම්මාන දෙකක ජනතාවට පානීය ජලය නෑ

මෙගාවොට් 31 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරිමේ අරමුණින්, ලංකා විදුලි බල මණ්ඩලය විසින් නාවලපිටිය, මොරගොල්ල ප්‍රදේශයෙන් මහවැලි ගඟ හරස් කර වේල්ලක් ඉදි කර, කිලෝමිටර් 1.5 ක දුරක් උමං මාර්ගයක් ඔස්සේ ගම්පොල, ඇත්ගාල දක්වා ජලය රැගෙන ගොස් එහි විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා වසරේ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් හේතුවෙන් නාවලපිටිය, ඩෙන්මාර්ක් මඩොල්දෙණිය ගම්මානයේ සහ නාවලපිටිය, සාර්ක් ගම්මානයේ වැසියන් පානීය ජල අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.
ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් බිලියන 13 ක ප්‍රතිපාදන මත ඉදි කරමින් පවතින මෙම විදුලි බලාගාර ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් කටයුතු චීන සමාගමක් විසින් සිදු කරනු ලබන අතර, මෙම ව්‍යාපෘතිය මගින් කැනීම් කටයුතු කෙරෙන උමං මාර්ගය හේතුවෙන් එම ගම්මාන වල පදිංචිකරුවන් පානීය ජලය ලබාගත් ජල මුලාශ්‍ර සහ ළිං සියල්ලම සිඳී ගොස් ඇති බවට ජනතාව චෝදනා කර සිටී.
මීට විසඳුමක් වශයෙන් එම ව්‍යාපෘතිය මගින් බවුසර් රථ යොදාගෙන පානීය ජලය ලබාදුන්න ද, එසේ ලබාදෙන ජලය පිරිසිදු නොමැති බවත්, ලබාදෙන ජලය ප්‍රමාණවත් නොවන බවත් ගම්වැසියන් කියා සිටින අතර, එම බවුසර් රථ මගින් ජලය ගෙනවිත් සිඳී ගොස් ඇති ළිං වලට පිරවීමට කටයුතු කර ඇති බවත්, එසේ පුරවන ජලය කෙටි වේලාවක් තුළ කාන්දු වී සිඳී යන බවටත් වාර්තා වේ.
එසේම, උමං මාර්ගයේ කැනීම් කටයුතු සඳහා ගල්බෝර දැමීම හේතුවෙන්, ගම්මානයේ නිවාස කිහිපයක් ඉරිතලා පුපුරා ගොස් ඇති බවට ද වාර්තා වේ.
ඔවුන් මුහුණ පා සිටින අසීරුතාවන් පිළිබඳ බලධාරීන්ගේ අවධානය ඉක්මනින් යොමු වේ යැයි ප්‍රදේශවාසීහු අපේක්ෂාවෙන් සිටිති.
298 Views
Comments