MAR
20
ව්‍යාජ රන් පබළු විකිණීමට තැත් කළ අයෙක් මුලතිව් පොලිස් භාරයට

නිධානයකින් ගොඩගත් බව කියමින් රන් ආලේප කොට ව්‍යාජ ලෙස සකසන ලද පබළු 1400ක් අලෙවි කිරීමට ගිය වැලිඔය ජනකපුර ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙකු මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු රුපියල් ලක්ෂ 25කට ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමට එකඟ වී එම පබළු රැගෙන ආ අවස්ථාවේ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
268 Views
Comments