විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම් වලට වෘත්තීය සමිති සහය

ලංකා විදුලි බල මණ්ඩලය නියෝජනය කරන සියලු වෘත්තිය සමිති සහභාගිත්වයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සමඟ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වී ඇති බව වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙන්ම, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමූහික ගිවිසුම්, විදුලි ගාස්තු, රජයේ බදු ප්‍රතිපත්තිය සහ අදාල අනිකුත් කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් වෘත්තීය සමිති සිය එකඟතාව පළ කර ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කර සිටී.
265 Views
Comments