රාජ්‍ය සේවක කප්පාදුවක් අත ළඟයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය රටට බරක් බවත්, එය මේ වන විට රටට දැරීමට නොහැකි තත්වයක් දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පෙන්වා දී ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතමින් මේ අදහස් පළ කොට සිටි ඒ මහතා, මේ වන විට රජය විසින් ලක්ෂ පහළොවක් වන රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවමින් අනවශ්‍ය බරක් දරා සිටින බවත්, රටේ අනාගතය පිළිබඳ සිතා බලා මෙම සේවකයන් ප්‍රමාණය අඩු කර දැමීම කළ යුතුම කටයුත්තක් වී ඇති බවත් කියා සිටී.
එසේම, මෙම පියවර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශ කර ඇති අනිවාර්ය ප්‍රතිසංස්කරණ වලින් එකක් වන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.
262 Views
Comments