දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 15 දෙනෙකුට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 15 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 15 දෙනෙකුට තුවාල

අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 23.1 කළුතර උතුර, පැල්පොල ප්‍රදේශයේදී සුඛෝපභෝගී මගී බස් රථයක් සහ කන්ටේනරයක් එකිනෙක ගැටීමෙන් ඊයේ (26) රාත්‍රියේ අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

 

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගින් 38 දෙනෙකු ගමන් කර ඇති අතර මෙම අනතුරින් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

 

අනතුර සිදුවූ අවස්ථාවේ දී බස් රථයේ සිටි මගී කාන්තාවක් කුපිත වී කන්ටේනර් රථ රියදුරාට පහර දීමත් සමග සෙසු මගීන් ද ඔහුට පහර දී ඇති බව පොලිසිය පවසා සිටින අතර බස්රථ රියදුරාගේ අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටී.

views

255 Views

Comments

arrow-up