විමර්ශනයකට ගිය කාත්තන්කුඩි පොලිසියට දරුණු ප්‍රහාරයක්

කාත්තන්කුඩි පොලිස් වසමට අයත් ආරයම්පති ප්‍රදේශයේ අඹුසැමියන් අතර ඇති වූ ආරවුලක් පිළිබඳ චෝදනා විමර්ශනයකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. මෙම ප්‍රහාරයෙන් පොලිස් සැරයන්වරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරි ඒ. එස්. ඒ. රහීම් මහතා ප්‍රකාශ කරයි.
ප්‍රහාරය සිදු කළ පුද්ගලයා කොටි සංවිධානයේ හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන ශිවශක්ති නැමැත්තෙක් බවට අනාවරණය වේ. ඔහු ළඟ තිබී අත්බෝම්බයක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර කාත්තන්කුඩි පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කරයි.
232 Views
Comments