වසා දමන ලද නුවර - මහියංගණ පාර යළි විවෘතයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

වසා දමන ලද නුවර - මහියංගණ පාර යළි විවෘතයි

වසා දමන ලද නුවර - මහියංගණ පාර යළි විවෘතයි

මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් නාය යාමට ලක්වූ මහනුවර මහියංගණ ප්‍රධාන මාර්ගයේ 18 වංගුවේ නායයෑමට ලක්වූ කොටස වාහන ගමනාගමනය වෙනුවෙන් අද පෙරවරුවේ යළි විවෘත කරනු ලැබීය.

 

අධික වැසි හේතුවෙන් එම මාර්ගයේ දෙවැනි වංගුව අසල පස් කඳු කඩා වැටීමක්  සහ මාර්ගය අවහිර වීම හේතුවෙන් 19 වන දින සවස මාර්ගයේ එක් තීරුවක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් වසා දමා තිබේ.

 

මේ අතර මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව සිදුකළ ස්ථානීය නිරීක්ෂණය අනුව එම මාර්ගය මේ වන විට දැඩි අවදානම් නොවීම හේතුවෙන් වාහන ගමනාගමනය වෙනුවෙන් යළි විවෘත කළ බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටී.

 

අධික වැසි සහිත අවස්ථාවලදී එම මාර්ගයේ තවදුරටත් පස් කඳු කඩාවැටීමේ අවදානමක් ඇති බැවින් රියදුරන් පරීක්ෂාකාරී විය යුතු බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන ලදී.

views

270 Views

Comments

arrow-up