පොලිසියට මින් පසු සැකකරුවන් වීඩියෝ කිරීම තහනම්

පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ, සැකකරුවකුගෙන් ප්‍රශ්න කරන ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් එම සැකකරු අපහසුතාවයට පත්වන බවත්, පොලිස් ඉදිරි මෙහෙයුම් වලට එය බාධාවක් වන බවත්ය.
එම නිසා පොලිසිය විසින් සිදුකරන ලද වැටලීම් වල සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්, අත්අඩංගුවට ගැනීම් ආදිය සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන, පින්තූර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම ප්‍රචාරය කිරීම තහනම් කරමින් පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර තිබේ.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මඩකලපුව මීනගයා දුම්රියේ දරුවෙකු අතහැර යාමේ සිදුවීම සම්බන්ධයෙන් එම දරුවාගේ මව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ප්‍රධාන පෙළේ සියලු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුවයි.
බණ්ඩාරවෙල පොලිසිය විසින් මෙම දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයට ලබා දී තිබූ බව සඳහන් වේ.
එමෙන්ම, පොලිසිය මගින් සිදුකරන වැටලීම් සඳහා මාධ්‍ය කණ්ඩායම් රැගෙන යාම නවතන ලෙස ද පොලිස් මූලස්ථානය දන්වා තිබේ.
210 Views
Comments