කාදිනල් හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

කාදිනල් හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

කාදිනල් හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

 

ඒ මුතුරාජවෙල තෙත් බිම්වලට අයත් මීගමුව, වත්තල සහ ජා ඇළ ප්‍රදේශවලට අයත් ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින්ය.

 

නාගරික සංවර්ධන අමාත්‍ය මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර,  නාගරික සංවර්ධන අධිකාරිය, එහි සභාපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල, මීගමුව සහ ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබේ.

 

කාදිනල් හිමිපාණන් පෙත්සමෙන් කියා සිටින්නේ රජය විසින් ඉකුත් ඔක්තෝම්බර් මස 07 වනදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් මුතුරාජවෙල තෙත්බිම් ප්‍රදේශවලට අයත් වන අත්කර 3,000කට අධික බිම් ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට තීරණය කර ඇති බවය.

 

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල වන බව පෙන්වා දෙන පෙත්සම්කාර හිමිපාණන් ඒ හරහා ඔවුන්ගේ පදිංචිව ද දැඩි අභියෝගයට ලක්වන බව කියා සිටී.

 

ඒ අනුව අදාළ භූමි ප්‍රමාණය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය අඩංගු ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

views

674 Views

Comments

arrow-up