කිරිපිටි හිඟයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ බලය බැසිල් ට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
10

කිරිපිටි හිඟයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ බලය බැසිල් ට

කිරිපිටි හිඟයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ බලය බැසිල් ට

පවතින කිරිපිටි හිඟය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩල රැස්විමේදී තීරණය වී තිබේ.

 

ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කොට කිරිපිටි මිල ඉහළ දැමීමකින් තොරව ප්‍රමාණවත් කිරිපිටි තොග දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීම තහවුරු කර ගැනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම සඳහා මුදල් අමාත්‍යවරයාට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩලයේදී තීරණය වී ඇත.

 

කිරිපිටි ආනයනය සිදුකිරීම සඳහා දැනට පවතින බදු අනුපාත සංශෝධනය කිරිම මඟින් හෝ වෙනත් සුදුසු ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම මඟින් හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවද අමාත්‍ය මණ්ඩල රැස්විමේදී තීරණය වී ඇත.

views

771 Views

Comments

arrow-up