JUN
24
පුරාවස්තු සෙවූ දෙදෙනෙක් ගලිගමුවේදී අත්අඩංගුවට

ගලිගමුව අසිදෙණිය ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැනීම් සිදු කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු ඇති අතර එහිදී සැකකරුවන් සතුව තිබූ කැනීිම් සඳහා යොදා ගත් උපකරණ හා පුපුරණ ද්‍රව්‍යයද සිය භාරයට ගත් බවයි පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හකහින්න හා නිකවැරටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කෑගල්ල පොලිසිය සිදු කරයි.
215 Views
Comments