සජබ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීට සීනිගමදී වෙඩි ප්‍රහාරයක්

මීටියාගොඩ පොලිස් බලප්‍රදේශයේ සීනිගම දේවාලය ආසන්නයේදී හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු ඔහුව ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
අදාල දේශපාලනඥයා අද පෙරවරුවේ සීනිගම දේවාලය ආසන්න ප්‍රදේශයයේදී ඔහුට අයත් කැබ්රථයේ සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති අතර වෙඩි ප්‍රහාර ඔහු හික්කඩුව පොලිස් ස්ථානය වෙත ගොස් ඇති අතර පසුව හික්කඩුව පොලිස් නිලධාරීන් විසින් ඔහුව රෝහල්ගත කර ඇත.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ සමගි ජන බලවේගයේ රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුවන අතර ඔහු රත්ගම විදුර නැමති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඥාතියෙකු බවද වාර්තා වෙයි.
මෙම වෙඩිතැබීම පාතාල සාමාජිකයින් විසින් සිදුකළේද එසේත් නොමැති නම් වෙනත් පෞද්ගලික හේතුවක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
146 Views
Comments