JUN
10
සිසුන් හය දෙනෙක් මුහුදු රළ පහරට හසුවී ගසා ගෙන යයි

අද (10) හවස් වරුවේ ගාල්ල, හබරාදුව තල්පේ මුහුදේ දියනාමින් සිටි සිසුන් හය දෙනෙක් මුහුදු රළ පහරට හසුවී ගසාගෙන ගොස් තිබුණි.
ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව ඉන් සිසුන් 5 දෙනෙක්ව බේරාගෙන ඇති අතර එක සිසුවෙක් අතුරුදන්ව තිබුණි.
දියේ ගිලී අතුරුදන්වී ඇති සිසුවා කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි අයෙකි.
කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පන්තියක් මගින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවක් සඳහා පැමිණ සිටි සිසු සිසුවියන් පිරිසක් මෙම සිද්ධියට මුහුණදී තිබේ.
352 Views
Comments