ලාෆ් ගෑස් මිලත් අඩුවේ

ඩොලරය පහත බැසීම පිළිබඳ අවධානය යොමු කරමින් ගෘහස්ථ ලාෆ් ගෑස් මිලද අද (04) අඩු කිරිමට නියමිත බව එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය.
කෙසේ වෙතත් අඩු කරන මුදල පිළිබඳව මේ දක්වා ප්‍රකාශයක් කළ නොහැකි බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ගෝලීය එල්.පී. ගෑස් වෙළෙඳපොලේ මිල වැඩිවීමක් තිබීම නිසා නිෂ්පාදන සහ සැපයුම් පිරිවැය ඉහළ ගොස් ඇති බැවින් ගෑස් මිල අඩු කිරීමට නොහැකි බව ලාෆ් ගෑස් සමාගම පසුගිය මස මුලදී ප්‍රකාශ කර තිබුණි.
මේ වන විට ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,990ක් සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,596ක් වේ.
302 Views
Comments