MAY
28
අකුණු සැර වැදී දෙදෙනෙක් මරුට

ගෝනගංආර පොලිස් වසමේ වගුරුවෙල ප්‍රදේශයේ වෙල්යායක පැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු අකුණුසැර වැදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (27) සවස් කාලයේදී එම අනතුර සිදුව තිබේ.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 31 හා 32 වයස්වල පසුවන බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
මෙම පුද්ගලයින් දෙදෙනා වෙල්යායේ වැඩකරමින් සිට ඇති අතර වර්ෂාව හේතුවෙන් අසල පැලකට ගොස් සිටියදී අකුණුසැර වැදී මෙම අනතුරට ලක්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගෝනගංආර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
286 Views
Comments