MAY
28
දෛනිකව බිත්තර මිලියනයක් ආනයනයට පියවර

දෛනිකව බිත්තර මිලියනය බැගින් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසයි.
දැනට ඉන්දියාවෙන් බිත්තර මිලියන 20 ක් ආනයනය කර ඇති අතර ඉන් මිලියන 10 ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.
ආනයනය කළ බිත්තරයක් රුපියල් 35 ක මිලක් යටතේ බේකරි, බිස්කට් නිෂ්පාදන, කේටරින් සේවා සහ ආපනශාලාවලට නිකුත් කරන බව ආසිරි වලිසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ ය.
272 Views
Comments