ජනපති මෝදිට ශෝකය පළ කරයි

ඉන්දියාවේ නැගෙනහිර ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ ඛේදනීය දුම්රිය අනතුර සැලවීමෙන් තමා මහත් කම්පනයට පත්වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ රටවැසි ජනතාව සිය අසල්වාසී රාජ්‍ය වූ ඉන්දියාව සහ එහි සහෝදර ජනතාව සමඟ අත්වැල් බැඳගෙන සිටින බවයි.
අනතුරින් මියගිය සියලුදෙනාගේ පවුල් වල සාමාජිකයන් වෙත සිය බලවත් ශෝකය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.
එමෙන්ම අපේක්ෂා නොකළ අන්දමේ මෙම අනතුරට මුහුණ දීමට ඉන්දීය රජයට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරන බව ද ජනාධිපතිවරයා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
272 Views
Comments