මාතර කොටවිල රෝහල ඉදිරිපිට විරෝධතාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

මාතර කොටවිල රෝහල ඉදිරිපිට විරෝධතාවක්

මාතර කොටවිල රෝහල ඉදිරිපිට විරෝධතාවක්

මාතර කොටවිල රෝහල ඉදිරිපිටදී ඊයේ (09) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්විණි.

 

 

මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ තරුණයෙක් මියයාමේ සිද්ධියක් මුල්කරගනිමිනි.

 

 

අදාළ තරුණයා මියගොස් තිබුණේ යතුරුපැදියක් මතට ගසක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙනි.

 

 

කොටවිල රෝහලේ නොසැලකිල්ල මෙම මරණයට හේතුවූ බව විරෝධතාවයේ නිරත වූ පිරිස පවසයි.

 

 

ප්‍රථමයෙන් කොටවිල රෝහලට රැගෙන ආ තුවාල ලැබූ තරුණයාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ බව ඔවුන් පවසයි.

 

 

විරෝධතාකරුවන් පවසන්නේ රෝහල් බලධාරීන් විසින් තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා මාතර රෝහල වෙත රැගෙන යාමට ගිලන් රථයක් හෝ නොදුන් බවයි.

 

views

305 Views

Comments

arrow-up