ගතවූ මාස පහ තුළ ලාදුරු රෝගීන් 600ක්

ගත වූ මාස පහක කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 600ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් වැඩිම රෝගීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි.
මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 100 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 66 ක්, මඩකලපුවෙන් 56 ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් 47 ක් වාර්තා වී ඇත.
යම් අයෙකුට ලාදුරු යැයි සැක කෙරන සම මතුපිට ලපයක් ඇත්නම් 075 40 88 640 යන දුරකථන අංකයට එහි ඡායාරූපය වට්ස්ඇප් කර තොරතුරු ලබාදිය හැකි අතර එහිදී රෝගී තත්ත්වයක් නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුකරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේය.
369 Views
Comments