විදුහල්පතිගෙන් පහර කෑ සිසුවා රෝහල් ගත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

විදුහල්පතිගෙන් පහර කෑ සිසුවා රෝහල් ගත කරයි

විදුහල්පතිගෙන් පහර කෑ සිසුවා රෝහල් ගත කරයි

මාතර අකුරැස්ස ප්‍රදේශයේ කණිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිවරයා විසින් එම පාසලේ සිව්වන වසරේ ඉගෙනු ලබන සිසුවෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් සිසුවා රෝහල්ගත කර ඇත.

 

 

අදාළ පහරදීම ඉකුත් 15 වනදා සිදුකර ඇති බව වාර්තා වෙයි.

 

 

විදුහල්පතිවරයා විසින් සිසුවාගේ පිට ප්‍රදේශයට පහරදී ඇත්තේ සිසුවාට A4 කොළයක් රැගෙන එන ලෙස දන්වා තිබුණ ද ඔහු එය රැගෙන නොඒම හේතුවෙන් බව අනාවරණය වෙයි.

 

 

පසුව සිසුවා නිවසට ගිය පසු එකවරම වමනය කර ඇත.

 

ඒ සම්බන්ධයෙන් දෙමාපියන් දරුවාගෙන් ප්‍රශ්න කර තිබුණි.

 

 

එහිදී තමන්ට විදුහල්පතිවරයා කළ පහරදීම සම්බන්ධයෙන් සිසුවා දෙමාපියන්ට පවසා තිබේ.

 

 

දෙමාපියන් විසින් සිසුවාට අකුරැස්ස රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට සිසුවා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

 

 

ඊයේ (16) සිසුවාගේ දෙමාපියන් විසින් මේ සම්බන්ධයෙන් බංගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ සැකකාර විදුහල්පතිවරයාව සවස අත්අඩංගුවට ගෙන ඇත.

 

 

සැකකරු අද (17) දින මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

views

233 Views

Comments

arrow-up