වාර ප්‍රවේශපත්‍ර ගාස්තු ගැන සොයන්න කමිටුවක්

ලංගම වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර තිබේ.
අදාළ කමිටුව මේ වනවිට දෙවතාවක් රැස්වී ඒ සම්බන්ධයෙන් සොයා බැලු බවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නැති බව ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේය
මේ අතර ලබන 14 වැනි දා දක්වා පාසල් සිසුන්ට වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ලබන 16 වැනි දා දක්වා පාසල් සිසුන්ට දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට හැකියාව පවතින බවයි.
ලබන 12 වැනි දා පාසල් ආරම්භවීම හේතුවෙන් එලෙස වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කාලය දීර්ඝ කර ඇත.
163 Views
Comments