JUN
10
තවත් යුරියා නැවක් දිවයිනට

ඕමානයෙන් මිලදී ගත් යූරියා මෙට්‍රික්ටොන් 22,500ක් රැගත් නෞකාවක් අද (10) දිවයිනට සේන්දු වී තිබේ.
එම පොහොර ලබන සඳුදා සිට ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට බෙදා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
මේ අතර තවත් යූරියා මෙට්‍රික්ටොන් 11,250 ක් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
ඒ අනුව යළ කන්නයට අවශ්‍ය යූරියා පොහොර අවශ්‍යතාව සම්පූර්ණ වන අතර යළ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර තොග මෙරට තුළ ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.
191 Views
Comments