කෝටි හයක කුඩු තොගයක් කොස්ගොඩින් සොයාගනී

අද (10) උදෑසන කොස්ගොඩ ප්‍රදේශ්යේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී රුපියල් කෝටි හයක පමණ වටිනාකමක් ඇති මත් කුඩු තොගයක් ළග තබා ගත් තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා කොස්ගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර කොස්ගොඩින් මෙතෙක් ඇල්ලූ වැඩිම වටිනාකමක් ඇති මත් කුඩු තොගය මේ බව කොස්ගොඩ පොලීසිය පවසයි.
කොස්ගොඩ පොලිස් ස්ථානය අසලම පිහිටි නිවසක තිබී මෙම මත් කුඩු තොගය සොයාගෙන ඇත.
මෙම මත් කුඩු තොගය සහ එය ළග තබාගෙන සිටි සැකකාර තරුණයන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සදහා පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතය.
195 Views
Comments