JUN
17
වැඩබලන අමාත්‍යවරුන් දෙදෙනෙක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගතවීම හේතුවෙන් ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශවල වැඩබැලීම සඳහා නව අමාත්‍යවරුන් පත්කර තිබේ.
ඒ අනුව, වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත් කර ඇති අතර වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ශෙහාන් සේමසිංහ පත් කර තිබේ.
ප්‍රංශ හා බ්‍රිතාන්‍ය නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි.
169 Views
Comments