Women Plus Bazaar - 2023 ජනපති අතින් විවෘත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

Women Plus Bazaar - 2023 ජනපති අතින් විවෘත කෙරේ

Women Plus Bazaar - 2023 ජනපති අතින් විවෘත කෙරේ

ශ්‍රී ලාංකීය කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් ප්‍රථම වරට සංවිධානය කරන ලද “Women Plus Bazaar - 2023” ප්‍රදර්ශනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ආරම්භ විය.

 

ෂැංග්‍රිලා ග්‍රෑන්ඩ් බෝල් රූම් හි පැවති මෙම ප්‍රදර්ශනය නැරඹීමටද සහභාගි වූ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි වෙත යමින් නිෂ්පාදකයින් සමග සුහද කථා බහකද නිරත විය.

 

දේශීය හා විදේශීය පාරිභෝගිකයන් සඳහා මෙවැනි දේශීය අත්කම් භාණ්ඩ අලෙවි කිරීමට හැකි වන පරිදි ගාල්ල ප්‍රදේශයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා සුදුසු ගොඩනැඟිල්ලක් හෝ භූමියක් සොයාබලන ලෙස ජනාධිපතිවරයා විසින් මෙහිදී කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියට උපදෙස් ලබා දී තිබෙන බවද වාර්තා වේ.

 

කොළඹ පිහිටි ඊජිප්තු - අරාබි ජනරජයේ තානාපති කාර්යාලය, කොළඹ මහ නගර සභාව, කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ ජාතික ශිල්ප සභාව එක්ව සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි.

views

257 Views

Comments

arrow-up