කඳුළු ගෑස් ගැන AKD ගේ සැකය ඇත්තක්ද?

මාධ්‍ය හමුවකදී ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ආරක්ෂක අංශ විසින් කැරලි මර්දනය සඳහා යොදාගනු ලබන කඳුළු ගෑස් පිළිබඳ විශාල සැකයක් පවතින බවයි.
කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් පසුගිය කාලයේ මරණ දෙකක් වාර්තා වූ අතර, මෙම සිද්ධි දෙකේදීම පුද්ගලයන් මිය ගොස් ඇති ආකාරය සමාන බව මන්ත්‍රිවරයා කියා සිටී.
මේ දෙදෙනාම ගොස් ඇත්තේ කඳුළු ගෑස් වලට නිරාවරණය වීමෙන් පසුව ඇති වූ විවිධ ආසාත්මිකතා නිසා බව පෙන්වා දෙන අනුර කුමාර මන්ත්‍රීවරයා, විෂ රසායන හෝ ලෝකයේ තහනම් කරන ලද විවිධ විෂ දුම් වර්ග කඳුළු ගෑස් භාවිතා කරන මුවාවෙන් කැරලි මර්දනය සඳහා භාවිතා කරනවා විය හැකියැයි සැක පළ කරන අතර, ජනාධිපතිවරයා මෙසේ අමානුෂික අයුරින් මිනිසුන් මරා දමමින් මුග්ධ සහ වියරු මානසිකත්වයකින් රට පාලනය කිරීමට උත්සාහ දරන බවට චෝදනා එල්ල කර සිටී.
223 Views
Comments