අත්‍යවශ්‍ය භාණ්ඩ 07ක මිල අඩු කෙරේ

ලංකා සතොස විසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ 07 ක මිල අඩු කර ඇත. එම මිල අඩු කළ භාණ්ඩ අද සිට ලංකා සතොස අලෙවිසැල් වලින් මිලදී ගත හැකි බව සතොස ආයතනය පවසා සිටී.
වියළි මිරිස් කිලෝ ග්‍රෑමයක් රුපියල් 75 කින් පහළ දමා ඇති අතර මිරිස් කිලෝවක නව මිල රුපියල් 1500.00 කි.
පාන් පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 15 කින් අඩු කර ඇති අතර නව මිල රු. 230.00 කි.
පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 19 කින් අඩුකර තිබේ. එහි නව මිල රුපියල් 339.00 කි.
සතොස මගින් අලෙවි කරන සුදු සීනි කිලෝග්‍රෑමයක නව මිල 218.00 ක් වන අතර එය රුපියල් 11 කින් අඩු කර තිබේ.
ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 6 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 129.00 කි.
රතු කැකුළු රුපියල් 9 කින් හා සුදු නාඩු රුපියල් 7 කින් අඩුකර ඇත.
173 Views
Comments