අමරකීර්ති ඝාතනයේ තවත් සැකකරුවෙක් දැලේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීයා ඝාතන සිද්ධිය හා අදාලව තවත් ගම්පහ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ නිට්ටඹුව ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ය
අද (23) මොහුව අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීයා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 32කු අත්අඩංගුවට ගෙන තිබේ.
225 Views
Comments