කෑලි 08කට කඩා ලංවිම ප‍්‍රතිව්‍යුහගත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

කෑලි 08කට කඩා ලංවිම ප‍්‍රතිව්‍යුහගත කරයි

කෑලි 08කට කඩා ලංවිම ප‍්‍රතිව්‍යුහගත කරයි

රුපියල් කෝටි අනූදහසකට ආසන්න පාඩුවක් ලබා තිබෙන ලංකා විදුලි බල මණ්ඩලය පරිපාලන වශයෙන් කොටස් අටකට බෙදා සාමාන්‍යාධිකාරීවරුන් අටදෙනකු යටතේ ප‍්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර තිබේ.

 

 

දැනට විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා සතු බලතල අලූතින් පත් කිරීමට නියමිත සාමාන්‍යාධිකාරිවරුන් අටදෙනා යටතට පත්කර වඩාත් කාර්යක්‍ෂම කර මණ්ඩලයේ පාඩුව අවම කර ගැනීම මෙමගින් අපේක්‍ෂා කරන බව ලංවිම පාලනාධිකාරිය කියා සිටී. මීට අදාළ සංශෝධිත පනත් කෙටුම්පතක් සකසමින් තිබෙන බවද දැනගන්නට ලැබේ.

 

 

වැඩි මල ගණන්වලට විදුලිය මිලදී ගෙන එම විදුලිය අඩු මිලට පාරිභෝගිකයන් වෙත විකිණීම නිසා ආයතනය දිගින් දිගටම පාඩු ලබන තැනට පත්ව ඇතැයිද රට වසාදමා තිබූ ඉකුත් මාස කිහිපයේදී නිසි පරිදි විදුලි බිල්පත් අයකර නොගැනීම නිසා මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 60,000 සිට රුපියල් කෝටි 90,000 දක්වා වැඩිවූ බවද මණ්ඩලය කියා සිටී.

views

694 Views

Comments

arrow-up