කොවිඩ් කරලට අනුමැතිය හිමි වේ

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා හඳුන්වා දී ඇති ඖෂධීය කරල සඳහා තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
මොල්නුපිරවියා නම් මෙම ඖෂධීය කරල නිපදවන්නේ මාර්ක් නම් සමාගමක් විසිනි.
ඖෂධ සහ නියාමන රාජ්‍ය අමාත්‍යවරයා පැවසූයේ මෙම කරල ශ්‍රී ලංකාව තුළ භාවිතයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.
මෙය තවමත් පරීක්ෂණ මට්ටමේ ඇති ඖෂධයක් වන අතර විද්‍යාඥයන් පවසන්නේ එහි මූලික ප්‍රතිඵල ඉතාමත් සාර්ථක බවයි.
මෙම ඖෂධය හරහා රෝහල් ගතවන සහ මරණයට පත්වන රෝගීන්ගේ සංඛ්‍යාව අඩු කරගත හැකියි.
ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, මැලේසියාව තුරු රටවල් රැසක් මේ වන විටත් මෙම ඖෂධය ඇණවුම් කර තිබෙනවා.
813 Views
Comments