ඉකුත් සතියේ සංචාරකයින් 9000ක් දිවයිනට

ගතවුන සතිය තුළ විදේශයන්ගෙන් මෙරටට සංචාරකයින් 9,545ක් පැමිණ ඇති බව වාර්තා වනවා.
ඉන් 3,107ක් ඉන්දියානුවන් වන අතර රුසියාවෙන් 774ක් සහ බ්‍රිතාන්‍ය 764 දෙනෙකු ද පැමිණ තිබෙනවා.
සංචාරක අමාත්‍යාංශය පවසන්නේ මීට අමතරව ප්‍රංශය, කැනඩාව, ඇමෙරිකාව සහ ස්විට්සර්ලන්තය යන රටවලින් ද සංචාරකයින් පැමිණ ඇති බවයි.
බාධාවකින් තොරව රට පවත්වාගෙන යාමට හැකි වුවහොත් මෙරට ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා සුවිශේෂී දායකත්වයක් සංචාරක ව්‍යාපාරය හරහා ලබා ගත හැකි බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා.
791 Views
Comments