අයි එස් සමඟ හාදකම් තිබෙන 702ක් ශ්‍රී ලංකාවේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

අයි එස් සමඟ හාදකම් තිබෙන 702ක් ශ්‍රී ලංකාවේ

අයි එස් සමඟ හාදකම් තිබෙන 702ක් ශ්‍රී ලංකාවේ

ඉන්දියාව කේන්ද්‍රස්ථානය කරගෙන ත්‍රස්ත කි‍්‍රයාකාරකම්වල යෙදෙන මුජහිදින් අල්ලා නමැති අයි.එස්.අයි.එස් සංවිධානයේ සාමාජිකයින් සමඟ සමීප සබඳතා පවත්වමින් ත්‍රස්තවාදී කි‍්‍රයාවලට සම්බන්ධ බවට සැකකෙරෙන ශ‍්‍රී ලාංකිකයන් 702ක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ත්‍රස්ත මර්දන හා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය ඊයේ(01) අධිකරණයට වාර්තා කළේය.

 

මොහොමඩ් සම්සුදීන් නමැති ඉන්දියාවේ රාජ්‍ය බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල සාමාජිකයන්ගේ වට්ස් ඇප් ගිණුම් පරීක්‍ෂා කිරීමේදී එම ශ‍්‍රී ලාංකිකයින් සම්බන්ධව තොරතුරු අනාවරණය වී තිබේ. 

 

මුස්ලිම් අන්තවාදියෙකු වන සහරාන් හෂීම් පැවැත්වූ දේශන, හඬපට හා ඡායාරූප එම වට්ස්ඇප් ගිණුම තුළ අන්තර්ගතව ඇති බවත්, විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වාදුනි.

 

ශ‍්‍රී ලාංකිකයන් 702 දෙනා අතරින් එක් අයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, මොහොමඩ් ඉසදීන්, මොහොමඩ් ෆවුසාන් නැමැති එම සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම්වලට සහ පාස්කු ප්‍රහාර මාලාවට දක්වා තිබෙන දායකත්වය පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ත්‍රස්ත විමර්ශන අංශය අධිකරණයට කරුණු වාර්තා කළේය.

views

735 Views

Comments

arrow-up