අදානි මන්නාරමත් ලියා ගනී ?
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

අදානි මන්නාරමත් ලියා ගනී ?

අදානි මන්නාරමත් ලියා ගනී ?

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්ඡා කර තිබේ.

 

ඊයේ (25) මෙම හමුව පැවති බව පී.ටී.අයි පුවත් සේවය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

 

කෙසේ වෙතත් අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් මේ දක්වාත් වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත්කර නොමැත.

 

අදානි මහතා ඉරිදා දිනයේ දී දිවයිනට පැමිණි අතර ඊයේ දිනයේ දී ඔහු සමග පැමිණි පිරිස මන්නාරම ප්‍රදේශයේ සංචාරයකද නිරත විය.

 

විදුලිබල මණ්ඩලයට අයත් විශාලතම සුළං විදුලි ජනන මධ්‍යස්ථානය මන්නාරමේ පිහිටා තිබේ.

 

ඒ අනුව මෙහි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳ ඔවුන්ගේ අවධානයට ලක්ව ඇති බව සඳහන් වේ.

views

773 Views

Comments

arrow-up