ගව ඝාතනය නවත්වන්න පනත් පහක් සංශෝධනයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
19

ගව ඝාතනය නවත්වන්න පනත් පහක් සංශෝධනයට

ගව ඝාතනය නවත්වන්න පනත් පහක් සංශෝධනයට

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පනත් පහක් සංශෝධනය කෙරේ.

 

1893 අංක 09 දරන ගෝ ඝාතක ආඥා පනත්, 1958 අංක 29 දරන සත්ව පනත, මහ නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත, ප්‍රාදේශීය සභා පනත මේ යටතේ සංශෝධනය කෙරේ.

 

මී ගවයන් හා එළ ගවයන් ඝාතනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුගිය වසරේ සැප්තැම්බර් මස 28 වැනිදා හිමිවිය.

 

ඊට අදාළ සත්ව පනත, ගෝ ඝාතක පනත සහ වෙනත් අදාළ නීති රෙගුලාසි සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ අතර ඒ අනුව මෙම පනත් සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

 

නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරන ලද සංශෝධිත පනත් කෙටුම්පත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

858 Views

Comments

arrow-up